Sebala biriya
සෙබල බිරිය
අද නින්දට පුරුදු වෙලා දැන් නින්දක් එන්නෙම නැ
සිත තුල තනිකම පිරිලා සිහින වලට දැන් ඉඩ නැ
ගෙදරට එන දින මතුදා ළගපාතක පෙන්නේ නැ
ඔබගේ මුහුණත කවදා දකිනා තුරු මම නිදි නැ
බෝම්බ පුපුරණ ශබ්දය කන්වල පිරිලා ඉතිරෙයි
පොඩි සද්දෙත් මගේ හිත තුළ නිශ්ශබ්දෙන් බිය කරවයි
ඔබ සමගින් ගෙවූ කාලය සැමවිට මතකෙට පැමිණෙයි
ඔබ නිවසට පැමිණෙන තුරු නිදිවරමින් මෙලොව හිදීයි
Comments
Post a Comment