Posts

Showing posts from July, 2021

වෙසක් සද

වෙනදට වඩා හරි එළියයි අහස     අද වැලි මළුවම එළිය කරයි වෙසක්   සද සුවද දුමින් සිත් පිරිලා සැමගේ       අද පිං ඇති මල් බුදු පුදනා වෙසග        අද ළමා ලපටි පොර බදිනා සීනු            නද පිං මව් වරුන් මුසූ කරනා සාදූ         නද බුදුගේ පුතුන් සැල කරනා දහම්      කද සැම සිත් නිවා සනහාලයි වෙසක්    සද පරවෙන මලින් ලොව වෙත දෙන පණිවිඩය සැමහට නොතේරෙයි හදුනාගත          යුතුය නිත්‍ය දෙයක් මේ ලොව ඇත්තේ          නැතිය හදුනා ගනිමු තෙමගුල දෙන          පණිවිඩය                                           -ඉමල් සතිර-