වෙසක් සද

වෙනදට වඩා හරි එළියයි අහස     අද

වැලි මළුවම එළිය කරයි වෙසක්   සද

සුවද දුමින් සිත් පිරිලා සැමගේ       අද

පිං ඇති මල් බුදු පුදනා වෙසග        අද


ළමා ලපටි පොර බදිනා සීනු            නද

පිං මව් වරුන් මුසූ කරනා සාදූ         නද

බුදුගේ පුතුන් සැල කරනා දහම්      කද

සැම සිත් නිවා සනහාලයි වෙසක්    සද


පරවෙන මලින් ලොව වෙත දෙන පණිවිඩය

සැමහට නොතේරෙයි හදුනාගත          යුතුය

නිත්‍ය දෙයක් මේ ලොව ඇත්තේ          නැතිය

හදුනා ගනිමු තෙමගුල දෙන          පණිවිඩය

                                          -ඉමල් සතිර-

Comments