Posts

Sebala biriya

  සෙබල බිරිය  අද නින්දට පුරුදු වෙලා දැන් නින්දක් එන්නෙම නැ සිත තුල තනිකම පිරිලා සිහින වලට දැන් ඉඩ නැ ගෙදරට එන දින මතුදා ළගපාතක පෙන්නේ නැ ඔබගේ මුහුණත කවදා දකිනා තුරු මම නිදි නැ බෝම්බ පුපුරණ ශබ්දය කන්වල පිරිලා ඉතිරෙයි පොඩි සද්දෙත් මගේ හිත තුළ නිශ්ශබ්දෙන් බිය කරවයි ඔබ සමගින් ගෙවූ කාලය සැමවිට මතකෙට පැමිණෙයි ඔබ නිවසට පැමිණෙන තුරු නිදිවරමින් මෙලොව හිදීයි 

වෙසක් සද

වෙනදට වඩා හරි එළියයි අහස     අද වැලි මළුවම එළිය කරයි වෙසක්   සද සුවද දුමින් සිත් පිරිලා සැමගේ       අද පිං ඇති මල් බුදු පුදනා වෙසග        අද ළමා ලපටි පොර බදිනා සීනු            නද පිං මව් වරුන් මුසූ කරනා සාදූ         නද බුදුගේ පුතුන් සැල කරනා දහම්      කද සැම සිත් නිවා සනහාලයි වෙසක්    සද පරවෙන මලින් ලොව වෙත දෙන පණිවිඩය සැමහට නොතේරෙයි හදුනාගත          යුතුය නිත්‍ය දෙයක් මේ ලොව ඇත්තේ          නැතිය හදුනා ගනිමු තෙමගුල දෙන          පණිවිඩය                                           -ඉමල් සතිර-